නකල්ස් රක්ෂිතයේ පාරිසරික අසිරිය විදින්න මහජනතාවට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – ලෝක උරුම නකල්ස් ආශ්‍රිතව පාරිසරික හා ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය තීරණය කරයි.

පරිසර කඳවුරු,පරිසර සංචාර,කදු නැගීම්,පාරිසරික ගවේශන, දියඇලි අධ්‍යන චාරිකා යනාදී අධ්‍යන චාරිකා රැසක් මේ වන විට සංවිධාන කර ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය සඳහන් කළේය.

දුබිබර වන පෙතේ සංරක්ෂණය,ජෛව විවිධත්වය ඇගයීමට ඉඩ ලබාදීම,අවිදිමත් පරිසර සංචාර අවම කර සංචාරයන් ස`දහා පැමිණෙන පුද්ගලයින්ට අවශ්‍ය පාරිසරික දැනුම ලබාදීම සිය සංවිධනයේ අරමුණ බව එහි සභාපති නෙවින් මීවතුර මහතා සඳහන් කළේය.

ඉහත වැඩසටහනට අමතරව රාත්‍රි කඳවුරු මෙන්ම පාරිසරික ඡායාරූප පාඨමාලාවක් ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා පැවසීය.

මේ සඳහා සහභාගී විය හැක්කේ පරිසර හිතකාමි පිරිස් වලට පමණක් බවත් විශේෂයෙන් තරු ණහා විශ්‍රාමලත් පුරවැසියන් කෙරෙහි වැඩි අවස්ථාවක් ලබාදෙන බව ද නෙවිල් මී වතුර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් දුම්බර පරිසර කේන්ද්‍රය, දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය, අංක 62, වලව්වත්ත, නිට්ටඹුව ලිපිනයට හෝ දුරකතන අංක 075-5347297, 071 -0526266 හෝ [email protected] ඊමේල් ලිපිනයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *