ඩීසල් හිඟයක් නැහැ – සංස්ථාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පැතිර යවමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනු ලැබේ.

වෙබ් අඩවියක හා ජනමාධ්‍ය ඔස්සේ එම ප්‍රචාරය සිදුව ඇති බව සංස්ථාව පැවසීය.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු අවශ්‍ය සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතී.

මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනු ලැබේ.

අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *