කිතුල් කර්මාන්තය ඉහළ නැංවීමට රජය රුපියල් මිලියන 15 ක් වෙන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ කිතුල් කර්මාන්තය නංවාලීම සඳහා රුපියල් මිලියන පහලවක් මේ වසර සඳහා වෙන් කළ බව ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරයි.

කිතුල් කර්මාන්තය ව්‍යාප්තව පවතින කෑගල්ල,මාතර,රත්නපුර,කළුතර,කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්කයන් හී කිතුල් කර්මාන්ත කරුවන් මෙන්ම ව්‍යවසායකයින් සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කරුවන් සංවර්ධනය කිරීම හා වෙළඳපොල ශක්තිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් කිතුල් ආශ්‍රිත කර්මාන්ත කරුවන් හඳුනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත දන්වා යාවා ඇතැයි අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වේ.

පසුගිය වසරේ මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 56 ක කිතුල් කර්මාන්ත කරුවන් 2350 ක් සංවර්ධනය කර ඇත.

කමාන්ත කරුවන් සඳහා උපදෙස් හා මග පෙන්වීම සඳහා පසුගිය වසරේ අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් මිලියන 25 කි.

කර්මාන්තය සඳහා අවශ්‍ය බදපටි,පිහි,උදුන්,ඇතුළු උපකරණ නොමිලේ ලබාදීම ද අමාත්‍යංශය සිදුකර ඇත.

කිතුල් කර්මාන්තය තුළින් නව රැකියා අවස්ථා ඇතිකිරීම මෙන්ම ජාත්‍යංතර වෙළදපොල වෙත කිතුල් ආශ්‍රීත නිෂ්පාදන යොමු කිරීම අමාත්‍යංශයේ තවත් වැඩපිළිවලක් බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *