නිදහස් කුසලානයට එක්වන ඉන්දීය සංචිතය

(කොළඹ, ලංකාපුවත්) –නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නායකත්වය රෝහිත් ශර්මාට හිමිව ඇති අතර ශිකර් ධවාන්, කේ. එල්. රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාන්ඩේ, දිනේෂ් කාර්ති, දීපක් හෝඩා, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Vijay Shankar, Shardul Thakur, Jaydev Unadkat, Mohammad Siraj, Rishabh Pant සංචිතයට එක්කර ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තුන්කොන් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන ප්‍රබලතම ක්‍රීඩකයන් 05 දෙනා ඇතුළත් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *