හලාවත අතුරුදහන් වූ දරුවාගේ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය සදහන් කරයි.

හලාවත බටහිර ඉරණවිල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය 25වනදා සිට අතුරුදහන් වී ඇති බවට දරුවාගේ මව විසින් හලාවත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව අතුරුදහන් වූ දරුවා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් විසින් සිදුකළ විමර්ෂනයේ දී මෙම දරුවාගේ සිරුර අද(27) උදෑසන හලාවත, මුවපිටිය කැලෑබඳ පෙදෙසක තිබී හමුව තිබේ.

මිය ගිය දරුවා‍ ඉරණවිල පදිංචි ජුවන් පේඩිගේ සුසින් නිර්මාල් යන අය වේ.

අතුරුදහන් වූ දරුවා අවසන් වරට සැකකටයුතු පුද්ගලයෙකු සමග සිටි බවට අනාවරණය වී ඇති අතර එම පුද්ගලයා‍ද ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. හලාවත පොලිසිය මේ සම්බන්ධ විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *