අධ්‍යාපන ඇමති ලෙස සිටියහොත් කෙසේ හෝ ටැබ් පරිගණක ලබා දෙනවා – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යුතුකම් සහ වගකීම් ඉටු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සීමිත තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අද (28) සඳහන් කළේ තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටිය හොත් නව යුගයකට අධ්‍යාපනය ගෙන යාම සඳහා සිසුනට ටැබ් පරිගණක ලබා දෙන බවය.

අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවයේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සඳහා එකසිය හතර දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *