අලුයම සිදු කළ විශේෂ මෙහෙයුමකින් 2,564ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අද(28) අලුයම 02.00 සිට උදෑසන 06.00 දක්වා දිවයින පුරාම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 2,564දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

එසේම රථවාහන නඩු 4,735ක් ලබා ගෙන ඇත.

අපරාධ වැලැක්වීමේ කාර්ය සදහාත් රිය අනතුරු අවම කිරීමේ කාර්යය සදහාත් පොලිස්පති පූජිත් විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබේ. ඒ සදහා පොලිස් නිලධාරීන් 16,256දෙනෙකු සහභාගී වී ඇතැයි සදහන් ය.

මෙහිදී බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 504ක් ද, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 720ක් ද, විවිධ අපරාෂයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම් 741ක් ද සිදු කර ඇත. හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 524කි. බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීම් 71ක් සහ බලපත්‍ර නොමැති තුවක්කු සමග අත්අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *