වියළි කාලගුණයෙන් ලක්ෂ 3 ඉක්මවූ පිරිසකට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිස්ත්‍රික්ක 6කට බලපා ඇති වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ පුත්තලම,කුරුණෑගල,මහනුවර,අනුරාධපුර,පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්ක වලට මේ දිනවල වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම දත්ත වාර්තා වලට අනුව මේ වන විට පවුල් 98596කට අයත් පුද්ගලයින් තුන් ලක්ෂ 18765ක් වියලි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බවය.

පානිය ජල ගැටළු පවතින ස්ථාන සොයා බලා එම ප්‍රදේශ වලට ජල ටැංකි හා ජල බවුසර් ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර සහන සැලසීමේ කටයුතු වල යම් ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *