හම්බන්තොට වරායේ ආරක්‍ෂාව ගැන ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය කිසිදු විදේශීය නාවික හමුදාවකට ලබා නොදෙන බවට සහතිකයක් ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇත.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිදු කර ඇති විවේචනයන් ප්‍රතික්ෂේප කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා මේ බව සදහන් කර තිබේ.

ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇතිවන අන්දමේ සහ එර‍ට ආරක්‍ෂාවට බාධා කරන කිසිවක් ශ්‍රී ලංකාව විසින් සිදු නොකරන බවට තමන් සහිතික වන බව වි‍ජේගුණරත්න මහතා සදහන් කර ඇතැයි ‘ද හින්දු පුවත්පත’ වාර්තාකර ඇත.

විජේගුණරත්න කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් විසින් ඉන්දියාවට සහතික කර ඇති පරිදි, ශ්‍රී ලංකාව ආරක්ෂිත බවත් හම්බන්තොට වරායේ ආරක්ෂා කටයුතු සඳහා කිසිදු මිලිටරි සන්ධානයක් විදේශයන්වලින් ගෙන නොමැති බවත් ය. හම්බන්තොට වරායේ ආරක්‍ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විසින් සිදු කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දී චීන සමාගමක් දිගුකාලීන කල්බදු මත හම්බන්තොට වරාය භාර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *