ශීත කාලගුණයෙන් රටවල් කිහිපයකට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපයට මේවන විට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් කලාපයේ රටවල් කිහිපයකට බලපෑම් එල්ල වී තිබේ.

එංගලන්තය, අයර්ලන්තය, පෝලන්තය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ලිතුවේනියාව, ස්පාඤ්ඤය, සර්බියාව, ඉතාලිය සහ රොමේනියාව යන රටවල් වලටයි ඉන් වැඩිම බලපබෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අධික හිම පතනයකන් සමග ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබෙන අතර පාසල් ද වසා දැමීමට කටයුතු කර ඇතැයි සදහන් ය.

ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව සදහන්ය.

අධික හිමපතනයෙන් ප්‍රංශයේ පුද්ගලයින් 3000ක පමණ පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන්ට පහසුකම් සැලසීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *