ළමා අපයෝජන පැමිණිලි භාරගන්නා දුරකතන සේවය තවත් ශක්තිමත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා 1929 දුරකතන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සදහන් කරනු ලැබේ.

දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙම ළමා දුරකතන සේවාව වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකතනයකින් නොමිලේ ප්‍රවේශවිය හැකිය. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මෙම සේවාව ක්‍රියාත්මකය.

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට මෙරට ක්‍රියාත්මක කඩිනම් යාන්ත්‍රණය වන මෙම 1929 ළමා දුරකතන සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට ළමාරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත. ඒ සදහා නවීන තාක්ෂණය යොදාගනු ඇත.

දැනට පවතින දුරකතන පද්ධතිය ශක්තිමත්කර ඊට අනුයුක්තව කටයුතුකරන නිලධාරීන්ගේ ශක්‍යතාව වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුවන බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ළමයින්ට සිදුවන කුමන ආකාරයක හෝ හිංසනයක් වෙතොත් ඒ පිළිබඳ කඩිනමින් දැනුම්දෙන ලෙසයි ළමාරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *