කාල් වින්සන් වියට්නාමයේ ඓතිහාසික සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කාල් වින්සන් යුද නෞකාව වියට්නාමයට පැමිණ තිබේ.

වියට්නාමයේ ඩනාන්ග් වරායට එම නෞකාව සේන්දු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෙරට අතර ආරක්‍ෂක සබඳතා තරකර ගැනීම මෙම නෞකා ගමනේ අරමුණ වේ.

වියට්නාම යුද්ධයෙන් පසුව මෙවැනි දැවැන්ත යුද නෞකාවක් ඩනාන්ග් වරායේ නැංගුරම් දැමූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ප්‍රහාරක ගුවන් යානා 90 ක් සහිතව මෙම නෞකාව පැමිණ ඇත.

1975 වසරේ වියට්නාමය ලද ඓතිහාසික යුද ජයග්‍රහණයෙන් පසු අමෙරිකානු යුද නැවක් වියට්නාම වරායකට ඇතුළු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *