(කොළඹ, ලංකාපුවත්) –මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කර තිබේ.
ඊයේ (06) රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශය සඳහා පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර ගත් අතර ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා ඇති බවද සදහන් වේ.