කොරියානු විභාගයට අයදුම්කරුවන් 22,581 ක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාදාළ ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.

මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය (www.slbfe.lk) වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා විභාගය පැවැත්වීමට නියමිතය. පරිගණක ආශ‍්‍රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22581 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 19157 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටීමට නියමිත අතර 3424 දෙනෙකු ඉදිකිරීම් අංශයේ විභාගය සඳහා පෙනි සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *