මහනුවර ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.‍

අද(08) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *