ජෙෆ්රි ෆෙල්ට්මන් අද දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා ‍එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (09) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව ඔහු ලබන 11 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති බව සදහන් ය.

සංචාරය තුළදී ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහල පෙලේ නිලධාරීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ ද ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා මහනුවර ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිත අතර එහිදී ආගමික නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *