ඇමති කබිර්ගේ ඉල්ලීමකට අනුව උපාධිය සදහා ණය ඉල්ලුම් කිරීමේ කාලය සතියකින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – උසස්පෙළ විභාගය සමත් වුව ද විශ්වවිද්‍යාලයට යාමට තරම් සුදුසුකම් නොලැබූ ශිෂ්‍ය ප්‍රජාව වෙත තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රාජ්‍යය මගින් ලබාදෙන ණය ඉල්ලුම් කිරීමට තිබූ කාල සිමාව දීර්ඝ කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍ය කබිර් හෂිම් මහතා කළ ඉල්ලීම අමාත්‍යාංශය විසින් පිළිගනු ලැබ ඇත.

ලංකා බැංකුව මගින් මෙම ණය මුදල සපයන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබූ ආයතන අටක පාඨමාලා 38ක් හැදැරීම වෙනුවෙනි. එක් වසරකට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 5000ක් වෙත මෙම ණය මුදල ලබාදීමට තිරණය කර ඇති අතර එය සිවු වසරක කාලයක් සඳහා ලක්ෂ 8ක් ද, තුන් වසරක කාලයක් සඳහා ලක්ෂ 6ක් ද වශයෙන් නිකුත් කිරිමට නියමිත ය. මෙම ණය මුදලට අමතරව ශිෂ්‍ය ප්‍රජාවට සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් 75,000.00 ක ණය මුදලක් ද ලබාගත හැකි ය.

මෙම ණය මුදල වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාවගෙන් පොලියක් අයකරනු නොලබන අතර සියලු පොලී මුදල් ගෙවනු ලබන්නේ රාජ්‍යය විසිනි. ශිෂ්‍යය ප්‍රජාවට ද අදාළ ණය මුදල ගෙවීමට නියමිතව ඇත්තේ උපාධිය ලබා වසරක් ගතවීමෙන් අනතුරුව වන අතර අදාළ මුදල් ගෙවීම වෙනුවෙන් වසර හතක කාලයක් ද ලබා දී ඇත.

උසස් අධපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ශිෂ්‍ය ප්‍රජාව දක්වන ප්‍රතිචාරය ඉතා අවම බවත් පසුගිය වසරේ ද ශිෂ්‍ය ප්‍රජාව මෙම ව්‍යාපාතියෙන් ප්‍රයෝජනයක් ලබා නොගත් බවත් එබැවින් අදාළ ණය මුදල් ඉල්ලුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා ඇති බව අමාත්‍යෘංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

තව ද මෙමඅදාළ පාඨමාලා සඳහා ඉල්ලුම් කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණක් වන බැවින් ඊට අදාළ සියලු තොරතුරු www.studentloan.mohe.gov.lk මගින් ලබාගත හැකි බව ද අසස් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *