පළාත් පාලන සභිකයින්ගේ නම් අද ගැසට් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පසු ගිය දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව නියෝජිතයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අනුමැතිය ලද පසුව ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *