කච්චතිව් දූපත ආවරණය කරන ප්‍රථම නාවික සිතියම සකස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය සිය ප්‍රථම නාවික සිතියම කච්චතිව් දූපත ආවරණය කරමින් සකස්කර ඇත.

නාවික කටයුතුවල ආරක්ෂාව, සමුද්‍රීය පරිසර ආරක්ෂා කිරීම, ජාතික යටිතල පහසුකම් සංවර්ධනය, වෙරළ කලාපය කළමණාකරනය, සමුද්‍රීය ගවේෂණ, සමුද්‍රීය සම්පත් සූරා කෑම, මුහුදු සීමා මායිම් නිර්ණය කිරීම, සාගරික ආරක්ෂාව මෙන්ම වෙරළබඩ ආපදා කළමණාකරනය සහ ආරක්ෂාව යනාදිය පුළුල් විෂයය පථයන් ජල මානක විද්‍යාවට අයත් වේ.

සාගර කලාපයේ වැදගත් නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ප්‍රයත්න දරණ ශ්‍රී ලංකාව වැනි රටකට ජල මානක විද්‍යාවේ දියුණුව ඉතා වැදගත් කරුණක් වනු ඇත.

ඒ අනුව, ජල මානක විද්‍යාවේ පරමාර්ථය වන්නේ ආරක්‍ෂක, ජාතික සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට අවශ්‍ය නාවික, ජල මානක සහ භූ විද්‍යාත්මක තොරතුරු උපකාරක සේවාවන් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව සම්පාදනය කිරීමයි. එමෙන්ම, නිවැරදි දැක්ම කරා නිවැරදිව ලඟාවීමත්, සාගරයේදී ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සම්මුතීන් ආරක්ෂා කිරීමට එකඟවීමත් යන කරුණු පදනම්ව ජල මාක විද්‍යාවේ අරමුණු සැකසී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *