ජනපති අද ජපන් රජු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද(13) එරට රජුවන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ බැහැදැකීමට නියමිතය.

පස්දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ(12) ජනාධිපතිතුමා ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපලෙන් ජපානයට ළඟා විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගත් බව ය.

ජනාධිපතිතුමා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හෙට දිනයේ එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වන අතර එහිදි ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවකට ද සහභාගී වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *