බෝට්ටුවක් ධීවරයින් 3ක් සමග අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – මුලතිව්, නයාරු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවරයින් 03 දෙනෙකු රැගත් ධීවර බෝට්ටුවක් අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, 50 හැවිරිදි මිල්රාජ් මිරෙන්ඩා, 48 හැවිරිදි ඒමානුවෙල් මිරෙන්ඩා සහ 24 හැවිරිදි රදන් මිරෙන්ඩා යන අයයි.

ඔවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන් වේ. අතුරුදන්වූ පුද්ගලයින් සොයා නාවික හමුදාව මේවන විට මෙහෙයමු අරඹා තිබේ.

මුලතිව් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *