බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරඟය බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම අතර අද(14) පැවැත්වේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතය.

තරඟාවලියේ මේ දක්වා ඉන්දීය කණ්ඩායම තරඟ 03කට සහභාගී වී ඉන් තරඟ 02 ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 03 කට සහභාගී වී ඉන් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම තරඟ 02 කට සහභාගී වී ඉන් එක් තරඟයක් ජය ගැනීමට සමත් විය.

(කොළඹ, ලංකාපුවත්) –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *