සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට සිය නිවෙස්වල වහලයේ සූර්ය බලශක්ති පැනල සවි කර ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

මීට අමතරව මේ යටතේ පාසල්, රෝහල් සහ රජයේ ආයතනවල සූර්ය පැනල සවි කිරීමට ද කටයුතු කෙරෙනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගි වීමෙන් පසු මෙම තීරණයට එළඹුනු බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *