ඥාණසාර හිමි – ජනපතිගේ දූත පිරිසේ කීම බොරුවක්

(කොළඹ, ලංකාපුවත්) – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජපන් සංචාරයට සම්බන්ධ දූතපිරිසට අයත් නොවු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ජනපතිගේ සංචාරයට එක් වු බවට ඇතැම් සමාජ මාධ්‍ය කරණ වාර්තාවන් අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් වේ.

ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය

ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව දන්වා සිටිමු.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *