පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය ගැසට් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛන ඇතුලත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, 2018 මාර්තු 9 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වන අතර රජයේ මුද්‍රණාලයාධිපති ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 ක පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභික නාමලේඛන මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවය.

අනෙක් දිස්ත්‍රික්වලට අදාළ පළාත් පාලන ආයතන සභික නාම ලේඛන අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *