ග්ලයිෆොසෙට් තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජාතික ආර්ථික කමිටුව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය,

” හෙක්ටයාර් 1000,2000,3000 වගා කරන සමාගම් හෝ ආයතන වේවා විශේෂයෙන්ම අධික මිලක් තියනවා මනුෂ්‍ය ශ්‍රමයට ,එකක් වල් නාශකයක් අවශ්‍යයි …දෙක ග්ල්යිපොසේට් කියන ඒ වල්නාශකය මනුෂ්‍යයන්ට අහිතකරයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කාසජ්න් කියන වචනය පාවිච්චික් කරලා තියනවා…හරක් මසුත් කාසජනකයක් … අපේ අසල්වැසි රට වන ඉන්දියාව ඒ වගේ, ජපානය ඉතාමත්ම පරිසර හිතකාමී රටක්..නවසීලන්තය පරිසර හිතකාමී රටක් මේ ගොල්ලන් මේ වල්නාශකය තහංචි කරලා නෑ..තාමත් පාවිච්චි කරනවා..අති බහුතර රටවල් ප්‍රමාණයක් රටවල් 190 ගාණක් තියනවා…රටවල් 80 ගාණක්ම මේ ග්ල්යිපොසේට් කියන වල්නාශකය පාවිච්චි කරනවා..මම නෙමෙයි තීරණය කළේ ..ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තිබෙන ජාතික ආර්ථික කමිටුව තීරණයක් අරගෙන් තියනවා ග්ල්යිපොසේට් තහංචිය ඉවත් කරන්න..ඉතින් ඒ අනුව මං ක්‍රියා කරනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *