ශ්‍රී ලංකාව සතුටෙන් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරට වඩා කාණ්ඩ 4 කින් ඉදිරියට පැමිණ ඇත. 2018 වසරේ රටවල් 156 අතුරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 116 වන ස්ථානයේය.

ලෝක සතුටු දර්ශකය හෙවත් world happiness index වාර්තාව සකස් කෙරෙන්නේ 2012 වසරේ සිටය.ලොව ස්වාධීන විශේෂඥයින් පිරිසක් එක්ව මෙම වාර්තාව සකස් කරනුයේ ප්‍රධාන කරුනු 7 ක් පදනම් කරගනිමිනි.

එහිදී ඒක පුද්ගල ආදායම , සමාජ සහයෝගීතාව හා ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස ඉන් කිහිපයක්. සෞඛ්‍ය ආරක්ෂණ ජීවිත අපේක්ෂාව , ත්‍යාගශීලීත්වය , දූෂණ පිටුදැකීම හා විශ්වසනීය කාලපරිච්ඡේද යන කරුණු ද ඒ අතර වේ. 2017 වසරේ නිකුත් වූ සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයේ පසු විය.

මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 4.471 ක්.2015 වසරේ සිට වසර තුනක ඇගයීම් මේ සදහා පාදක කරගත් බවද සමීක්ෂකයින් පවසා ඇත.මෙම දර්ශකයේ ඉන්දියාව පසුවන්නේ 133 වැනි ස්ථානයේ වීමද කැපී පෙනෙන කරුණකි. බංග්ලාදේශය 115 වැනි ස්ථානයට පත්ව තිබේ.

ලොව සතුටු දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ ෆින්ලන්තයයි. දෙවැනි ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇත.

මෙම දර්ශකයට අනුව ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය පිළිවෙලින් 18 සහ 19 වැනි ස්ථාන හිමිකරගෙන සිටීමද කැපීපෙනේ.

එහි පහළම ස්ථානවල පසුවන්නේ බුරුන්ඩි රාජ්‍ය සහ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *