ආමර් වීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය ප්‍රදේශයේ අද (19) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සදහන් කළේය.

අදාළ අවස්ථාවේදී මෝටර් රථයේ යුවලක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාටම වෙඩි වැදී තිබුණි.

මෙම වෙඩි වැදීමෙන් 42 හැවිරිදි ඉනසමුත්තු ඇන්තනී රාජ් නැමැති පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබීය

සිද්ධිය සම්බන්ධයෙන් ආමර් වීදිය පොලීසිට වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *