රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට රජය උපරිම පහසුකම් දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මෙරට අධිකරණ කටයුතු සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බවත් එහි කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සහාය උපරිම වශයෙන්ලබා දෙන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියාසිටියේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ විශේෂ නිරීක්‍ෂන චාරිකාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරිය රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්ව යටතේ ඇති අධිකරණ විද්‍යා අංශය, ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි විමර්ශණ මත් ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා ඩී.එන්.ඒ. අංශය වැනි අංශ වෙත ගොස් ඒවායේ කටයුතු පිළිබඳ සොයා බැලීය.

විශාල වැඩ කොටසක් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් එය අගය කරන බවත් එහිදී අමාත්‍යවරිය සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *