හැරී කුමරු දෑවැද්ද ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය විසින් ලබා දුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගන් මාකල් පවුම් මිලියන 30ක දෑවැද්දක් ලබාදී තිබේ.

මෙහිදී හැරී කුමරු ප්‍රකාශ කර ඇත්තේ විවාහයේ වටිනාකම පවුම් මිලියන 30කට ඇස්තමේන්තු කළ නොහැකි බවයි.

හැරී කුමරුගේ සහෝදරයා වන විලියම් කුමරු ද මේ ආකාරයෙන්ම ඔහුගේ බිරිඳ වන Kate Middleton විවාහ වීමේදී ඇගේ දෑවැද්ද ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග මේ වසරේ මැයි මස 19 වෙනි විවාහ වීමට නියමිතය.

විවාහය සඳහා තෝරාගෙන ඇත්තේ බර්ක්ෂයර් හි ඇති වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයයි.

එරට රාජකීයයන්ගේ විවාහ උත්සව බොහෝ විට යොදාගැනෙන්නේ සතියේ දිනවල වුවත් මෙම උත්සවය සෙනසුරාදා දිනයක යොදාගෙන තිබිමේ විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *