මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුයි – ජනපති ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම් දිය යුතු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එම ජාවාරම් මැඩලීමට මේ ක්‍රියාමාර්ගය වඩා වැදගත් වන බව නිව්හැම්ප්ෂයර්හි පැවැති දේශනයකදී ජනාධිපති ට්‍රම්ප් මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සංශෝධනය කිරීමට තමා දැඩි උත්සාහයක් ගන්නා බව ඔහු පවසා ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම් ලබා දීමේ තීරණයේ දී දේශපාලනිකමය සහ නෛතික ගැටලු රැසකට මුහුණදීමට තමාට සිදුවනු ඇති බව ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කළේය.

අමෙරිකාවේ ලක්ෂ 24ක පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි. 2016 දී මත්ද්‍රව්‍ය හේතුවෙන් අමෙරිකානුවන් 63,000කට අධික පිරිසක් මියගොස් ඇති බව ට්‍රම්ප් අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *