රටේ ආර්ථිකයේ යහපත් වර්ධනයක් – මහ බැංකු අධිපති

(කොළඹ, ලංකාපුවත්) – රටේ ආර්ථිකය යහපත් වර්ධනයක් අත්කරගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටි.

අපනයන ක්ෂේත්‍රය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ පැවති වැඩමුළුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික මූල්‍ය අන්තර්ගතතා උපාය මාර්ග පිළිබඳ වැඩමුළුව කොළඹදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. රටවල් හැටකට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක ජාතික මූල්‍ය අන්තර්ගතතා උපාය මාර්ග ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ සකස් කිරීම සදහා ලෝක බැංකුවේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අංශයේ ද සහාය හිමිව තිබේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කියා සිටියේය,

” දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන් හේතුවෙන් උද්ධමනය 4.5 දක්වා ගෙනඒමට හැකිවීම ජයග්‍රහනයක්. සංචිත ඇමෙරිකා ඩොලර් මිලියන අට දක්වා වර්ධනයකර තිබෙනවා. රටක මූල්‍ය කටයුතු සදහා මහජන දායකත්වය ලබාගත යුතුයි. ඒ සදහා මහ බැංකුව වැඩසටහන් කිහිපයක් ආරම්භකර තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමටත් රජය වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *