රුසියානු ජනාධිපතිට ජනපති මෛත්‍රීගෙන් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සුබ පැතුම් පිරිනමා ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය එතුමාගේ නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.

රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බව ද සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *