පරිසර හිතකාමී වල්නාශයක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසර හිතකාමී වල්නාශකයක් ලංකාව තුළ අත්හදා බලා තිබෙන බවත්, එය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ. වගකීම රජය සතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

රත්නපුර ප්‍රදේශයේදී මෙම වල්නාශකය අත්හදා බලා තිබෙන බවත්, එය 100%ක් සාර්ථක බවත් උන්වහන්සේ පවසා සිටියහ.

රට තුළ භාවිතය සහ අලෙවි කිරීම තහනම් කර ඇති උග්‍ර විෂකාරයක් වන ග්ලයිෆොසේට් රටට අවශ්‍ය බවට කිසිවෙකුටත් පැවැසිය නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නතැයිද එහිමියෝ පවසා සිටියහ.

ග්ලයිෆොසේට් නොමැති නිසා මහා පරිමාණ තේ වතු හිමියන් පාඩු ලබන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බවත්, උග්‍ර විෂකාරයක් වන ග්ලයිෆොසේට් පොහොරක් නොව වල්නාශකයක් බවත් උන්වහන්සේ කීහ.

මහා පරිමාණ තේ වතු හිමියන් පාඩු ලබනවා නම් පාඩු ලබන්නේ තේවතු නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවද රතන හිමියෝ මාධ්‍ය කළ විමසීමකදී අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *