අල්ලස් ගත් විදුහල්පතිනිය වසර 20කට සිරගෙදරට

පලමු වසරට ළමයෙකු ඇතුලත් කරගැනීමට රුපියල් ලක්ෂ 2ක් ඉල්ලා ඉන් ලක්ෂ එකහමාරක මුදලක් ලබා ගැනීම සම්බන්ධ චෝදනාවට වැරදිකරුවූ මාතලේ ප්‍රදේශයේ මහා විද්‍යාලයක‍ විදුහල්පතිතුමියකට වසර 20 සිරදඬුවම් අද(23) නියම කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිර දඬුවම අවුරුදු 5කදී ගෙවී යනසේ ලබා දී ඇත.

එල්ලවී තිබූ චෝදනා 4ටම වැරදිකරු ලෙස තීන්දු වුණු අදාල විදුහල්පතිනියට සිරදඬුවමට අමතරව රුපියල් හැටදහසක දඩයක් සමග අල්ලස් වශයෙන් ගත් ලක්ෂ එකහමාර දණ්ඩනයක් ලෙස ගෙවීමටද අධිකරණය නියෝග කළේය.

2014 පෙබරවාරි 8 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් දීර්ඝ නුඩු විභාගයකින් පසුව අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *