(කොළඹ, ලංකාපුවත්) – “HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය හිමි කර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබීය.
මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය ඉදිරිපත් විය.
ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලබාදීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.
සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම අබාන්ස් ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මතයි.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියේය.