ස්මිත්ට සහ කැමරන්ට ICCයෙන් තරග තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

මේ අතර ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පැවසීය‍.

ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *