රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 37ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙහිදී පුද්ගලයින් 64දෙනෙකු අතුරුදන්ව ඇති බවට විශ්වාස කෙරෙන බවත් ඒ අතරින් කුඩා දරුවන් 41දෙනෙකු සිටින බවත් සදහන් ය.

වින්ටර් චෙරි සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයේ ගින්න හටගෙන තිබේ.

ගින්නට හසුවූ බොහෝදෙනෙකු එහි පිහිටි සිනමා ශාලාවක සිටි අය බව වාර්තාවේ. ගින්නත් සමග මිනිසුන් තම දිවි බේරාගැනීමට ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමට උත්සාහ කරන ආකාරය සමාජ මාධ්‍යවල පලවූ වීඩියෝ දර්ශන මගින් දැකගත හැකිවිය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *