පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජකයින්ට පෞද්ගලික අංශයේ රැකියා

(කොළඹ, ලංකාපුවත්) – පුනුරුත්ථාපනය කොට සමාජගත කර සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජියින්ගේ පවුල්වල ජීවන තත්වය නංවාලීම අරමුණු කොට ගෙන පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පිරිනැමීමක් ඊයේ (27) සිදු කෙරුණි.

ඒ යටතේ පුනුරුත්ථාපනය ලැබ සමාජගතවී සිටින 97දෙනෙකු සඳහා පෞද්ගලික අංශයේ රැකියා පත්වීම් ලබාදීම ඊයේ වවුනියාව පුන්කෝට්ටම් පුනුරුත්ථාපන මධ්‍යාස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ඩමින්ද පැස්කුවෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පුනුරුත්ථාපන කාලසීමාව අතරතුර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පවත්වනු ලැබූ පුහුණු පාඨමාලා පදනම් කරගනිමින් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *