සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රිය වන විට විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහරින බවය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 6 88,573 දෙනෙකු පෙනී සිටියේය.

මේ අතර 2017 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවිමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *