ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ෂණවලට අදාළව ඊයේ (28) සවස සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු එවකට එම අවි ගබඩාව භාරව සිටි හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන ඇල්ෆඩ් විජේතුංග වන අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරු අද (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *