ට්‍රම්ප්ගේ හිස්වූ ලේකම් තනතුරට වෛද්‍යවරයා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජ්‍යෙෂ්ඨයන්ගේ කටයුතු බාර ලේකම්වරයා ඉල්ලා අස්වු බව, ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ.

ඔහු කළ සේවය වෙනුවෙන් ස්තූති කරමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පුරප්පාඩු වූ තනතුරට තම වෛද්‍යවරයාව තෝරාගෙන තිබෙන බවය. ජ්‍යෙෂ්ඨයන්ගේ කටයුතු බාරව සිටි ඩේවිඩ් ෂෝල්කන්ට එරෙහිව එල්ල වූ චෝදනා හමුවේ ඔහු තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරගාවලිය නැරඹීමට අයථා ලෙස ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සිද්ධියක්ද චෝදනාවලට ඇතුළත්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමෙන් අනතුරුව, ජනවාරි මාසයේ තමාට මුල්ම වෛද්‍ය ප්‍රතිකාරය ලබාදුන් රියර් අද්මිරාල් රොනි ජැක්සන් ජ්‍යෙෂ්ඨයන්ගේ කටයුතු පිළිබඳ නව ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *