ට්‍රම්ප් නැවත ලංකාවට ජී.එස්.පී දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට පසුගිය 23 වැනිදා අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ(28) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් විය.

මෙම වසර (2018) මූල්‍ය කටයුතු තැබු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉකුත් වසරේ දෙසැම්බර් 29 වැනිදා නිවේදනය කළේය.

කෙසේ වෙතත් මේ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපදයෙන් හිමිවන ජී.එස්.පී සහනයේ වරප්‍රසාද හිමිවනු ඇත.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 23 වනදා දක්වා ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයට භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද්දේ තීරුබදුවලට යටත්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *