සාමාන්‍ය පෙළ විභාගයේ පලමුවැනියන් 06 දෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) –2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පලමු තැන හිමිකර ගැනීමට සිසු සිසුවියන් 06 දෙනකු සමත්ව සිටි.

මේ අතර 07 වන තැන හිමිකරගත් සිසු සිසුවියන් ගණන 09කි.

ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා සෙනෙවිරත්න, එම විද්‍යාලයේම චමෝදි රවීසා සුබසිංහ, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි විමලවීර, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීස ප්‍රතිභාත් ප්‍රථම ස්ථාන හිමිකරගත් 06 දෙනා වේ.

කොළඹ දේවී බාලිකා මහා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස්.බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන ප්‍රනාන්දු, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ කවීන් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්කිකාරච්චි, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර්, මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල, මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවැනි ස්ථානයට පත් 09 දෙනා වේ.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් හය ලක්ෂ අසූඅටදහස් පන්සිය හැත්තෑතුන්දෙනෙක් පෙනී සිටියහ. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කෙරේ.

අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද තැපැල් කෙරෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ද ඉදිරියේ දී තැපැල් මගින් ලබාදීමට ක්‍රියා කරන බව එම නිවේදනයේ සඳහන්ය. නැවත සමීක්ෂණය සඳහා පාසල් අයදුම්කරුවන් ලබන මස 7 වැනි දිනට පෙර ද, පෞද්ගලික අයදුම්කරුවන් ලබන මස 12 වැනි දිනට පෙර ද අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා. විභාග ප්‍රතිඵල www.donets.lkවෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *