එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයිනපුරා

(කොළඹ, ලංකාපුවත්) – ලොව වෙසෙන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 1989 වසරේදී එක්සත්ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වූ අතර, ශ්‍රී ලංකාවද 1990 වසරේ සිට එහි අන්තර්ගත ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එකඟත්වය පළ කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට පාර්ශවීය රාජ්‍යක් ලෙස එම සම්මුතියේ සදහන් වගන්ති 54ක් ආරක්ෂා කොට අයිතිවාසිකම් ගරු කිරීමටහා ක්‍රියාත්මක කිරීමට වගකීමෙන් දි සිටි.

ළමා අයිතිවාසිකම් පිළිබඳමෙරට පාසල් හා ගම්මාන ආශ්‍රිතව ළමුන්ගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් හඳුනාගෙන ඇති අතර,ඒ අනුව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් දිවයින පුරා ආරම්භ කර ඇත.

විශේෂයෙන් ඒ සඳහාපාසල් ළමුන්ට අවබෝධ කර ගැනීමට පහසුවන පරිදි ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සරල අනුවාදයක් ද මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මෙම වැඩසටහන් සඳහා උපයෝගි කර ගනු ලබයි.

එමඟින් ළමයින්ට සිය අයිතිවාසිකම් පිළිබඳව හා ඒ තුලින් සිය අනාගත යහපැවැත්ම උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමද මූලික වශයෙන් සිදුකෙරේ.

මෙම වැඩසටහන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරිමට යෝජිත අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව එහි පළමු වැඩසටහන බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මෙරට ළමා අයිතිවාසිකම් කඩවීම් සිදුවන ඕනෑම අවස්ථාවක දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ වෙනුවෙන් පෙනී සිටින අතර, එවැනි සිදුවීමක් දුටුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයට දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *