අතුරුදන් වූ මුලතිව් දරුවන්ගේ මව්වරුන්ට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන් ව ඇති සිය දරුවන් පිළිබඳ තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන් පිරිසක් හමු වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින උතුරේ සංචාරකය නිරත විය.

මව්වරු සිය අතුරුදන් වූ දරුවන් පිළිබඳ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කියා සිටියහ.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, අතුරුදන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලය නුදුරේ දීම සිය කටයුතු ආරම්භ කරන බවයි. එහි නිලධාරීන් මුලතිව් වෙත පැමිණ මෙම මවුවරුන්ගේ තොරතුරු ලබා ගනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

දේශපාලනික හෝ හමුදාමය වශයෙන් මෙම කාර්යයාලයේ කටයුතු සඳහා මැදිහත් වීමක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *