පැරා මූලික ජාතික ක්‍රීඩා සංචිතයට 44 ක් තෝරා ගැනෙති

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල හා ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලිය ඉලක්ක කර ජාතික පැරාලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් ඉකුත් 31වනදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මූලික පැරා මලල ක්‍රීඩා තේරීම් තරඟ වලදී ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 44 දෙනෙක් තෝරා ගනු ලැබ ඇත.

ලබන ඔක්තෝඹර් මස ඉන්දුනීසියාවේදී ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර අගෝස්තු මස ජර්මනියේ බර්ලින් හිදී ලෝක පැරා මල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වේ.

මෙවර තේරීම් තරඟ සඳහා සහභාගී වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු අතරින් 44 දෙනෙකු මූලික සංචිතය සඳහා තෝරා ගත් බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *