විසිදෙවතාවක් එවරස් තරණය කර වාර්තාවකට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – එවරස්ට් කන්ද තරණය කිරීමේ වැඩිම වාර ගණන සනිටුහන් කරමින් ලෝක වාර්තාවක් තැබීමට නේපාල ජාතික කඳු නගින්නෙකු වූ කාමායි රීටා ෂෙර්පා සූදානම් වේ.

ලෝකයේ බොහෝ කඳු නගින්නන්ට එවරස්ට් කන්ද එක් වරක් හෝ තරණය කිරීමට සූදානම් වීම ජීවිතයේ වඩාත් අවදානම් සහගත කඳු නැගීමක අත්දැකීමක් බව නොකිවමනාය.

නමුත් 48 වැනි වියෙහි පසුවන කාමායි රීටා ෂෙර්පා මේ දක්වා 21 වතාවක් වඩාත් සාර්ථකව එවරස්ට් කන්ද තරණය කර ඇති අතර, ඔහුගේ මෙම තත්ත්වය තවත් නේපාල කඳු නගින්නන් දෙදෙනෙකු විසින්ද සම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අනෙක් කඳු නගින්නන් දෙදෙනා දැනටමත් කඳු නැගීමේ කාර්යයෙන් විශ්‍රාම ගොස් සිටින නිසා ලෝක වාර්තාවක් තැබීම සඳහා කාමායි රීටා ෂෙර්පා සුවිශේෂී අවස්ථාවක් පවතී.

“එවරස්ට් තරණයට පැමිණෙන කඳු නගින්නන්ට උපකාර කරන ෂෙර්පාවරුන්ට මෙන්ම, මගේ රටට ගෞරවක් අත්කර දෙමින් ඉතිහාසගත වාර්තාවක් තැබීමේ උත්සාහයක මා යෙදෙනවා” යැයි ඔහු සිය ලෝක වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *