අලි කරදරයෙන් බේරෙන්න සිග්සැග් ක්‍රමයට තල්

(කොළඹ, ලංකාපුවත්) – වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා තල්වැටට හැකියාවක් ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

වීරවිල ස්ථාන භාර නිලධාරී අනූෂා සමරතුං මහත්මිය කියා සිටියේ සිග්සැග් ක්‍රමයට තල් පැළ සිටුවීමෙන් වන අලින්ට මාරු විය නොහැකි බවය.

දිගුකාලීනව මෙයින් සාර්ථක විසඳුම් ලැබිය හැකි බව ඇය පැවසුවාය. අත්හදා බැලීමක් ලෙස තල් පැල 200ක් සිටුවා ආදර්ශ වැටක් සකස් කිරීමට නියමිතය. ඊට අවශ්‍ය තල් පැළ නොමිලයේ ලබා දීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත.

තල් සදහා හොඳ දේශගුණික තත්වයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින බව අනූෂා අමරතුංග මහත්මිය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *