අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) – උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සදහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

මේ අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල, උපදේශක රවිබන්දු විද්‍යාපති, අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *